April 1, 2022
Read this article in English | සිංහල | தமிழ்
සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝ දර්ශන භාවිත කරමින්, ඊයේ දිනයේ සිදු වූ ප්‍රධාන සිදුවීම්වල කාලරේඛාවක් මෙසේ සාරාංශ කරමු.
විශ්ලේෂණය: යුධංජය විජේරත්න
සංස්කරණය: අයිෂා නසීම්
පරිවර්තනය: නිශාදි ගුණතිලක
ඊයේ සවස 6.00 ට මිරිහාන ජුබිලි කණුව අසලින් විරෝධතාවක් ආරම්භ විය.
https://twitter.com/Sunil_Matara/status/1509523974484418562
රාත්‍රී 8.00 වන විට විරෝධතාව වර්ධනය වෙමින් පැවතිණි. විශාල ජනකායක් පා ගමනින් විරෝධතාවයට එක්වෙමින් සිටි අතර, රථවාහන රියදුරන්ගේ සහය ද වැඩි වශයෙන් ලැබිණි.
https://twitter.com/newsradiolk/status/1509563273024180225
https://twitter.com/UdiUdz/status/1509544308164206601
https://twitter.com/Welikumbura/status/1509543951836999691
රාත්‍රී 9.00 වන විට විරෝධතාව ජනාධිපතිවරයාගේ නිවස පිහිටි පැඟිරිවත්ත පාර දිගේ පැතිර යන ලදි.
රාත්‍රී 10.00 වන විටත් විරෝධතාව වර්ධනය වෙමින් පැවතිණි.
අපට සොයා ගත හැකි තරමට, ප්‍රචණ්ඩත්වය ආරම්භ වන්නේ මෙම අවස්ථාවේ දී යි. රාත්‍රී 10.10ට පොලිසිය විසින් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදි.
විරෝධතාවයේ විවිධ තැන්වලින් ලැබුණු වීඩියෝ දර්ශනවලින් විවිධ දේවල් සිදුවෙමින් පවතිනු පෙන්නුම් කරනු ලැබේ — එක් පැත්තක ජනතාව සටන් පාඨ කියමින් සිටින අතර අනෙක් පැත්තේ ඔවුන් මාර්ග බාධක කඩා දමමින් සිටියි. ඊළඟට අපට දක්නට ලැබෙන්නේ ජල ප්‍රහාරක ට්‍රක් රථ මිරිහාන හන්දියට කඩා වැදී පාර දෙපසට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන දර්ශනයි.
https://twitter.com/Welikumbura/status/1509575419254743055
https://twitter.com/nuzlyMN/status/1509577175493537792
https://twitter.com/itsPrahas/status/1509583109356134403
පාරේ සිටි විරෝධතාකරුවන් මුලින් විසිර ගොස් පසුව කඳුළු ගෑස් ට්‍රක් රථය වැටලීමට නැවත එකතු වනු පෙනේ. හෙල්මට් පැළඳ සිටින පුද්ගලයන් බොහෝ දෙනෙක් ඒ දෙසට විවිධ දෑ විසි කරනු ලබයි.
https://twitter.com/Dailymirror_SL/status/1509578455221821466