July 7, 2022

Read this article in English | සිංහල| தமிழ்

signal-2022-06-09-113216_001.png

කරුණු සොයාබැලීම: උමේෂ් මොරමුදලි සංස්කරණය: අයිෂා නසීම් පරිවර්තනය: නිශාදි ගුණතිලක

ඔබ විසින් අසන ලද ප්‍රශ්න:


1. සජීවීව විකාශනය කිරීම ඔබව අත්අඩංගුවට ගැනීමට හේතුවක් විය හැකි ද?

ජූනි 20 වැනි දා ගෝඨාගෝගම අසල දී ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ආකාරය පටිගත කරමින් සිටිය දී තරුණ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාරව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. බණ්ඩාරට අනුව, ඔහුව අත්අඩංගුවට ගන්නා ලද්දේ අයුතු ජනරාශිය සහ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් බව පොලිසිය පවසා ඇත. මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ඇප මත මුදා හැර තිබේ.

අනුරුද්ධ බණ්ඩාරව බලහත්කාරයෙන් පොලිස්... - Anuruddha Bandara | By Anuruddha Bandara | අනුරුද්ධ බණ්ඩාරව බලහත්කාරයෙන් පොලිස් අත්අඩංගුවට ගන්නා ආකාරය. -admin

පුද්ගලයෙකු පොලිසියේ රාජකාරියට බාධා කළහොත් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට නීතියෙන් බලය ලැබී ඇත. ස්මාර්ට්ෆෝන්වල ආගමනයට පෙර හඳුන්වා දුන් නීති බැවින් සජීවීව විකාශනය කිරීම හෝ පටිගත කිරීම හෝ සම්බන්ධයෙන් නිශ්චිත සඳහනක් නොමැත. අත්අඩංගුවට ගත් පසුව චූදිතයාව පැය 24 ක් ඇතුළත මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ යුතුය (ව්‍යතිරේක කිහිපයක් ඇත). පොලිස් රාජකාරිවලට යම් බාධාවක් ඇති කළ බව හෝ එම පුද්ගලයා අයුතු ජනරශියකට සහභාගී වූ බව හෝ පෙන්වීමට සාක්ෂි නොමැති හෝ පවතින සාක්ෂි ප්‍රමාණවත් නොමැති නම් හෝ එම පුද්ගලයා නිදහස් කළ යුතු අතර එරෙහිව පැවරුණු නඩුව නිෂ්ප්‍රභ කළ යුතුය.

යම් සාක්ෂි තිබේ නම්, මහේස්ත්‍රාත්වරයාට වැඩිදුර පරීක්‍ෂණයට අවසර දීමට හෝ වහාම නඩු විභාගයට දින නියම කිරීමට හෝ හැකිය. ඉදිරිපත් කරන ලද කරුණු අනුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ලබා දෙනවා ද නැද්ද යන්න ද තීරණය කරනු ලැබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හේතුව/හේතු පිළිබඳව එම පුද්ගලයන්ට දැනුම් දීමට පොලිසිය බැඳී සිටී: මෙය පුද්ගලයාගේ අයිතිවාසිකම්වලින් එකකි (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තිය). පොලිස් ස්ථානයේ සිටින විට දී පවා නීතිඥයෙකු විසින් නියෝජනය කරනු ලැබීමට සෑම පුද්ගලයෙකුටම ඇති අයිතිය නීතිය මගින් සුරක්ෂිත කර ඇත. එවැනි ඉල්ලීමක් කිරීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත.

මෙහි නීතිමය ගැටළු පිළිබඳ පැහැදිලි කිරීම් නීතිඥ එර්මිසා ටෙගාල් විසින් සපයන ලදි.


2. අපි චීනයට හරියටම කීයක් ණයයි ද?

චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය පිළිබඳව බොහෝ විට වැරදි වාර්තා කිරීම් සිදුවේ. ශ්‍රී ලංකාව චීන ණය හිමියන්ට ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රජයේ මුළු විදේශ ණය ප්‍රමාණයෙන් 10% ක් බව සඳහන් වන වාර්තා තිබේ. තවත් වාර්තාවක සඳහන් වන්නේ එය 15% ක් බව යි. කෙසේ වුවත්, අපගේ විශ්ලේෂණවලින් පෙනී යන්නේ 2021 අවසන් වන විට චීන ණය හිමියන්ට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය රජයේ විදේශ ණයවලින් 20% ක් වූ බවයි.

<aside> 👉🏽 විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (External Resource Department) දත්තවලට අනුව 2021 අග වන විට චීනයට ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.1 ක් වූ අතර රජයේ මුළු විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 35.8 කි.

</aside>

2021 අවසන් වන විට ශ්‍රී ලංකාවේ හිඟ ණය ප්‍රමාණය

https://notion.vip/notion-chart/draw.html?option_colors=%230B6E99%2C%230F7B6C%2C%23E03E3E%2C%23D9730D%2C%2364473A%2C%23DFAB01%2C%237D7C78&config_documentId=1rrnaI-_a-ldZIqGa9Aiyjy3msLYfKj8cfhyeg-_TNcE&config_sheetName=Sheet2&config_dataRange=A2%3AB9&config_chartType=pie&config_theme=lightMode&option_legend_position=bottom