May 11, 2022

Read this article in English | සිංහල | தமிழ்

පින්තූර, වීඩියෝ සහ තැනින් තැන සිතියම් සමඟ 2022 මැයි 9 වන දින සිදු වූ දෑ පිළිබඳ වාර්තාවක්.

GGGcover.jpg

විශ්ලේෂණය: යුධංජය විජේරත්න සහ නිසල් පෙරියප්පෙරුම පරිවර්තනය: නිශාදි ගුණතිලක Watchdog කණ්ඩායමේ සියලුදෙනා සහ #AttackOnGGG හෑෂ්ටෑගය භාවිත කළ අප පාඨකයන් සියලුදෙනා මෙයට විශාල දායකත්වයක් ලබා දෙන ලදි.

සඳහන් කළ යුතු කරුණු කිහිපයක්

මෙය ලිපි දෙකකින් පළමු ලිපිය වේ. 2022 මැයි 9 වන දින ගෝඨාගෝගමට එල්ල වූ ප්‍රහාරය දක්වා වූ සිදුවීම් මෙමගින් ගවේෂණය කරයි. දෙවන කොටස, ප්‍රහාරයෙන් අනතුරුව සිදු වූ සිදුවීම් ගවේෂණය කරයි.

අප හරියටම දක්වා නොමැති සෑම අවස්ථාවකම කාලය දළ වශයෙන් (විනාඩි 5 ක් පමණ අඩු/වැඩි වශයෙන්) දක්වා ඇති බව සලකන්න.

රතු පැහැයෙන් දක්වා ඇත්තේ මෙදින සිදුවීම්වල සෘජු ප්‍රතිඵලයක් ලෙස අපගේ “ලිපිගොනු” ව්‍යාපෘතියේ පෙනී සිටීමට නියමිත පුද්ගලයන් වේ. ඒවා සූදානම් වූ විට, මෙම පෙළ පේළිය සහ රතු පැහැයෙන් දක්වා ඇති නම් එක් එක් ලිපිගොනුවට අදාළ සබැඳි (links) සමඟ යාවත්කාලීන කරනු ලැබේ.

නම් සම්බන්ධයෙන්: අපි සාමාන්‍යයෙන් පුද්ගලිකත්වයට ඇති අයිතිය පිළිබඳව විශ්වාස කරමු. එසේම ඔබ යමෙකුට ප්‍රසිද්ධියේ පහර දුන් විට හෝ ඔබ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතීන් උල්ලංඝනය කිරීමට (උදා: සාමකාමීව විරෝධය දැක්වීමේ අයිතිය) සම්බන්ධ රාජ්‍ය නිලධාරියෙකු වූ විට හෝ මෙම අයිතිය අවසන් වන බව ද අපි විශ්වාස කරමු. මෝඩයෙක් වගේ හැසිරෙන්න, මෝඩයෙක් වගේ සැලකුම් ලබන්න.

අපි පටන් ගනිමු. එක් එක් කොටස දිග හැරීමට එක් එක් ශීර්ෂ අසල ඇති ඊතල ක්ලික් කරන්න.

පෙරවරු 10:00 ට පෙර: අරලියගහ මන්දිරය පිටුපස මහින්ද හිතවාදී විරෝධතාව

පෙරවරු 10:00 සිට: අරලියගහ මන්දිරය තුළ සිදු කළ සටනට කැඳවීමේ ප්‍රකාශ

මධ්‍යහන 12:00 සිට: මයිනාගෝගමට එල්ල කළ ප්‍රහාරය

පස්වරු 12:30 සිට: ගාලු මුවදොර වටරවුම දෙසට ගමන් කිරීම

දහවල් 12:43 සිට: පොලිසිය ගාලු මුවදොර දී මැරයන්ට ඉදිරියට යාමට ඉඩ දීම

ගෝඨාගෝගමට එල්ල කළ ප්‍රහාරය

අවසාන වශයෙන්

<aside> 📎 මෙම ලිපියට භාවිත කළ දර්ශන සහ මූලාශ්‍ර අයිති සියලුදෙනාටම අපි ස්තූති කිරීමට කැමැත්තෙමු: NewsFirst, දෙරණ, NewsWire සහ EconomyNext (කැමරා වේලා මුද්‍රාවන් සඳහා ස්තූතියි!) හි මාධ්‍යවේදීන්, Webnews.lk සහ ට්විටර්හි අපගේ #AttackOnGGG හෑෂ්ටෑගය භාවිත කරමින් මෙම තොරතුරු වාර්තා කළ, අපව ටැග් කළ සහ වෙනත් ආකාරයකින් මෙම තොරතුරු සොයාගැනීමට උපකාර කළ සියලුදෙනා මෙයට අයත් වේ. මෙම සිදුවීමේ වේගවත් ලේඛනගත කිරීම මෙම කාර්යය සඳහා ඉතා වැදගත් වූ අතර, දේශපාලඥයින් ප්‍රසිද්ධියේ හඳුනාගැනීම බෙහෙවින් ප්‍රයෝජනවත් විය.

අප මෙහි වීඩියෝ කිහිපයක් බාගත කර නැවත උඩුගත කර ඇත. මෙහි අරමුණ වූයේ මේ සියල්ල අපගේ වැඩක් ලෙස දැක්වීම හෝ අදාළ දර්ශනවල මුල් අයිතිය නොසලකා හැරීම හෝ නොවේ. මෙම දර්ශන ට්විටර්, ෆේස්බුක්, යූටියුබ් සහ වට්ස්ඇප් හරහා එක්රැස් කරන ලද බැවින් අප පාඨකයන්ට තනි, විවිධ ගිණුම්වලට පුරනයවීමට අවශ්‍ය නොවන අත්දැකීමක් ලබාදීම එහි අරමුණ විය.

අප භාවිත කළ අන්තර්ගතයන්ගේ මූලාශ්‍ර නම් කිරීමට අපගේ උපරිම උත්සාහය දරා ඇත - සමහර දර්ශන මුලින්ම පටිගත කළේ කවුරුන් ද යන්න තහවුරු කරගැනීමට අපට නොහැකි වීම හේතුවෙන්, ඒවායේ මූලාශ්‍ර දැක්වීමට නොහැකිව ඇත. සෑම අවස්ථාවක දී ම, අප මූලාශ්‍ර කිහිපයක් පරීක්ෂා කොට දර්ශන නිවැරදි යැයි තහවුරු කරගෙන ඇත; අපි ඒවායින් පැහැදිලිම ඒවා ඔබට ඉදිරිපත් කිරීමට තෝරා ගත්තෙමු. සෑම විටම පවසන පරිදි, අපගේ වචනය විතරක් පිළිගන්න එපා: ඉදිරිපත් කර ඇති සාක්ෂි පරීක්ෂා කර බලා කාලරාමුව නිවැරදි දැයි තහවුරු කරගන්න.

ක්ෂේත්‍රයෙන් ලබාගත් විශ්මයජනක ලෙස පැහැදිලි පින්තූර කට්ටලයක් දැකගැනීම සඳහා දිනුක ලියනවත්තගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම follow කරන ලෙස නිර්දේශ කරමු.

</aside>