පවතින විදුලි බල අර්බුධයට හේතුව කුමක්ද? විසඳුමක් නැත්තේ ඇයි? මේ ලිපියේ අපි රටේ විදුලි බල ක්ෂේත්‍රයේ සියලු අංශ ගවේෂණය කරන්න උත්සාහ කර ඇත. රටේ තිබෙන බලාගාර, ඒවායේ ජනනය වන මෙගාවොට් ප්‍රමාණය, හා ඉන්ධන සැපයුමට වෙච්ච දේ ගැන දැනගන්න පහත ලිපිය කියවන්න.


January 23, 2022

Read this article in English | தமிழ்


විශ්ලේෂණය - යුධංජය විජේරත්න සංස්කරණය - අයිෂා නසීම් පරිවර්තනය - මොහමඩ් ෆෛරූස් හා නඩීම් මජීඩ්

විදුලි බලය සම්බන්දයෙන් අවිනිශ්චිත හා අවාසනාවන්ත තත්වය උදාවුනේ කෙසේද?

ජනවාරි 10 දින සංකීර්ණ කාලසටහනක් නිකුත් කරමින් ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ එම කාලසටහනට අනුව විදුලි බලය විසන්ධිකිරිම සිදුවන බවයි. මුලාශ්‍රය අනුව මෙම විදුලි බල විසන්ධි කිරීමේ පියවරට යොමුවීමේ හේතුව වෙනස්වුනි. බොහෝ පුවත්පත් වල වාර්තා වුනේ කැලණිතිස්ස බලාගාරයේ කොටසක් ලෙස සැලකෙන මෙගාවොට් 163 සපයන සොජිට්ස් පෞද්ගලික බලාගාරයේ සිදුවූ බිඳවැටීමක් නිසා විදුලි සැපයුමට බාධා එල්ලවූ බවයි. අප කල විමසීම් වලදී හෙලිවුයේ මෙම තත්වයට හේතුවූ කාරණා, විදුලි බල මණ්ඩලය විසින් නිකුත් කරන ලද කාලසටහන මෙන්, පුළුල් හා සංකීර්ණ වන බවයි. විදුලි ජනන ධාරිතාවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට මෙගාවොට් 800 ප්‍රමාණයක් අහිමිවූ බව හෙලිවුනි.

විවිධ අවස්ථාවල කැලණිතිස්ස, කුකුලේ ගඟ හා කෙරවලපිටිය (මතභේදකාරී යුගදනවී බලාගාරය ඇතුළුව) බලාගාරවල මෙහෙයුම් ඇනහිටී ඇති බව වාර්තා වුනි. ඒ අතරම සපුගස්කන්දේ හා කොළඹ වරායේ තෙල් හිඟයක්ද ඇති වුනි.

ප්‍රසිද්ධියේ කල ප්‍රකාශ අනුව පවතින යටිතල පහසුකම් මෙහෙයවීම සඳහා අවශ්‍ය තෙල් සැපයුම ලබාගැනීම පිළිබඳව විදුලි බල මණ්ඩලය අවිනිශ්චිත බවක් පෙන්නුම් කළේය. විදුලිබල මණ්ඩල තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති A.G.U. නිශාන්ත පැවසුවේ ඒවනවිටත් ගෙවිය යුතු රුපියල් බිලියන 91ක මුදලින් රුපියල් බිලියන 18ක මුදලක් ගෙවීමට පියවර ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට දන්වා ඇති බවත් ඉන්ධන මිලදීගැනීමට නොහැකිවීම හේතුවෙන් අනාගතයේදී දීර්ඝ කාලීන විදුලි කප්පාදු බලාපොරොත්තු විය හැකි බවයි. නමුත් ඊට පසුදින හදිසි රැස්වීමක් කැඳවමින් ජනාධිපතිවරයා අඛණ්ඩ විදුලි බල සැපයුමක් ලබා දෙන බවට සහතික වුණා. විදුලි බල මණ්ඩලය විසින් තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 18ක මුදල ගෙවීමටත්, විදුලි බල මණ්ඩලයේ හදිසි අවශ්‍යතා සඳහා ආනයනය කිරීමට අවශ්‍ය ගල් අඟුරු තොග සඳහා මහා බැංකුව විසින් විදේශ විනිමය නිදහස් කිරීමටත්, එකී පාර්ශව එකඟතාවයන් ඇති කරා. විදුලි බල මණ්ඩලයට යම් ඉන්ධන ප්‍රමාණයක් ලබා දීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟ වූ අතර, විදුලි කප්පාදු සිදු නොවන බවට විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේය.

දේශපාලන අධිකාරියේ හා නිලධාරීන්ගේ පොරොන්දු නොතකා විදුලි බල කප්පාදුවීමේ අවස්ථා කිහිපයක් වාර්තා වී ඇත. ජනවාරි 14 දිනට පෙර සතියේ සිදුවූ විදුලි කප්පාදු පිළිබඳව අවබෝධ කරගැනීම සඳහා අප විසින් මහජන සමීක්ෂණයක් පැවැත්වුවා. එම කාල පරිච්චේදය තුල විදුලි කප්පාදු වලට මුහුණ දුන් ජනයාගෙන් අපි අසා සිටියේ විදුලිය කප්පාදුවූ දින ගණනයි, දිනකට විදුලිය විසන්ධි වූ පැය ගණනයි. ඒ සංඛ්‍යා දෙක වැඩිකිරීමෙන් අපට නැතිවූ විදුලි බල සැපයුම් පැය ගණන පිළිබඳව එස්තමෙත්තු ඉදිරපත් කිරීමට හැකි වුනා.

මේ සමීක්ෂණයට සහභාගී වුනේ පුද්ගලයින් 93යි. සමීක්ෂණය සලකා බැලු කාල වකවානුව ජනවාරි 7 දින සිට ජනවාරි 14 දින දක්වාය. සිතියමේ අනුරුපනය වන්නේ සමස්ත විදුලි කප්පාදු වූ පැය ගණනේ සාමාන්‍ය අගය (වර්ණ තීව්‍රතාවය) හා ඒ ඒ ප්‍රදේශයේ විදුලි කප්පාදු වාර්තා කල පුද්ගලයින් සංඛ්‍යාවයි (පොකුරේ තරම).

රටේ සිදුවූ දේ

සමීක්ෂණය අර්ථකථනය කිරීමට පෙර අපි සන්දර්භය සලකා බැලිය යුතුයි. විදුලි බල කප්පාදුවක් සිදුවූ විට එය සාමාන්‍යයෙන් ප්‍රදේශයක වැසියන් කිහිපදෙනෙකු මමුහුණපාන තත්වයක් වේ. ඒ හේතුවෙන් මෙම සමීක්ෂණයේදී එක පුද්ගලයෙක් විදුලි බල කප්පාදුවක් වාර්තා කරන විට, එයින් අපට යම් නිගමනයකට එළඹිය හැකි වේ. නමුත් මෙම සමීක්ෂණයෙන් සමස්ත බලපෑම නිගමනය කිරීමේ හැකියාවක් නැත. මෙයින් පෙන්වාදෙන්නේ ඒ බලපෑමෙන් ඉතා කුඩා කොටසක් පමණි.

දෙවනුව, මෙම සිතියමේ පෙන්වා ඇත්තේ සමීක්ෂණයට සහභාගී වුවන්ගේ ලිපින නොවේ. සමීක්ෂණයට පුද්ගලයින් 200 දෙනෙකු උත්තර සැපයු අතර, OpenStreetMap මෙවලම හරහා මාර්ගයක හෝ මංසලකුණක අක්ෂාංශ හා දේශාංශ ලබාගත හැකි පරිදි දත්ත ඇති ලිපින ලබා දුන්නේ පුද්ගලයින් 93න් දෙනෙකු පමණයි (උත්තර සැපයුවන්ගේ පෞද්ගලිකත්වය රැකගැනීමේ අවශ්‍යතාවය මත අප මෙම ප්‍රවේශයට යොමුවුනා). ඒ හේතුවෙන් ඇතැම් ස්ථානයන් හා සමීක්ෂණයට සහභාගිවුවන්ගේ පිහිටිස්ථානය අතර සුළු වෙනස්කම් තිබිය හැකිය.

1. රට පුරා ප්‍රදේශ කිහිපයක දෛනිකව පැයකුත් පැය 3ක් අතර කාලයක් විදුලිය කප්පාදු කර තිබේ. වවුනියා ප්‍රදේශයේ ඇතැම් අවස්ථාවල පැය 7ක් දක්වා විදුලි කප්පාදු සිදු විය. සියලු පළාත් ආවරණය වන පරිදි දත්ත නොලැබුනද, උතුරු, බස්නාහිර, දකුණු හා මධ්‍යම පළාත්වලින් හා නැගෙනහිර පළාතේ ඇතැම් ජනාකීර්ණ ප්‍රදේශ වලින් ලැබුණු දත්ත වල විහිදීම සලකා බලන විට, දිවයින පුරා විදුලිය කප්පාදු වූ බව නොඅනුමානයි.

  1. වැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ වවුනියාවට බව මෙම දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි. එක් ප්‍රදේශයක  පමණක් දෛනිකව දවස් 7ක කාලයක් පුරා පැය 7ක්, එනම් සතියට පැය 49ක්, විදුලිය කප්පාදු වී ඇති බව පෙනී යයි. මෙම දත්ත සපයා ඇත්තේ එක් පුද්ගලයෙක් පමණක් බැවින්, මෙම දත්ත විශ්ලේෂණය කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. නල්ලුර් ප්‍රදේශයේ පැය දෙකක විදුලි කප්පාදු වාර්තා කර ඇති අතර, චාවකච්චේරි ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු සපයපු පිළිතුරු වලට අනුව, එක් අයෙක් පැය දෙකක විදුලි කප්පාදුවලට මුහුණ දී ඇති අතර, අනෙක් අවස්ථාවේ පැය 9ක විදුලි කප්පාදුවක් වාර්තා කර ඇත.

  2. සමීක්ෂණයට වැඩියෙන්ම පිළිතුරු ලැබුනේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. මෙහිදී විවිධ පිළිතුරු සැපයුනා. දෙහිවල - ගල්කිස්ස හා අවට ප්‍රදේශවල ඇතැමුන් පැය 3ත්, 6ත්, අතර විදුලි කප්පාදුවීම් වාර්තා කර ඇති අතර, සමීපව වෙසෙන පුද්ගලයින් කිහිපදෙනෙකු පැය 12, 14 හා 30ක විදුලි කප්පාදුවීම් වාර්තා කර ඇත. ව්‍යාපාරික කෙන්ද්‍රස්ථානවලට සමීපව වෙසෙන්නන්ට මෙවැනි දීර්ඝ කප්පාදුවීම්වලට මුහුණදීමට සිදු නොවුන බවට අනුමාන කල හැක. කළුබෝවිල ප්‍රදේශයේ පැය 3ක විදුලි කප්පාදුවීම් වාර්තා වූ අතර, කොහුවල හා අවට ප්‍රදේශවලට පැය 6ක විදුලි කප්පාදුවීම් වාර්තා වී ඇත. කළුබෝවිල ප්‍රදේශයේ රටේ දෙවන විශාලතම රෝහල පිහිටුවා ඇති බැවින් එම ප්‍රදේශයට වැඩි බලපෑමක් නොතිබූ බව කිව හැක. රත්මලාන ප්‍රදේශයේ ඇතැමුන් පැය 6ක් විදුලි කප්පාදුවලට මුහුණදී ඇති අතර, ඇතැමුන් පැය 10ක විදුලි කප්පාදුවීම් වලට මුහුණදී ඇත. මොරටුව ප්‍රදේශයෙන් පැය 4ක විදුලි කප්පාදුවීම් වාර්තා වී ඇත.